ශ්‍රීලංකා: ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයෙන් පසු පොලිස් නායකත්වයේ ඇති විය යුතු වෙනස

පොලිස්පතිගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගය තුලින් අතිශයින් අනාගතය කෙරෙහි බලපෑ හැකි වෙනස්කම් ගනනාවක් වහාම ක්රියාත්මක කරවා ගැනීමේ ඉඩකඩක් දැන් පහලව පවතී. රටෙිම දැඩි විරෝධයට හේතුවූ මෙම පොලිස්පතිවරයාගේ පත්කිරීම තුලින් ටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ඉතා බරපතල අවහිරයක් පැනනැගුනා පමණක් නොව, ටේ අරාජිකත්වය වැපිරීමට හා බරපතල අපරාධ පැතිරී යාම වැඩි වීමටද තත්වයක් පහල විය. රට පුරා පැවති අස්ථාවරත්වය අතිශයින් බරපතල එකක් බව රට තුලත් රටින් පිටත් දැඩි සාකච්ඡාවට භාජනය වූ කරුනක් බවට පත් විය.

මෙසේ දැඩි ලෙස ව්යාකූලත්වයට පත් වී ඇති තත්වය නිරාකරණය කර ගැනීම සදහා ගතයුතු ප්රධානම පියවර වන්නේ, නීතිය ක්රියාත්මක කරවීම පිළිබදව ඇති හැකියාව ගැන විශ්වාසයක් තැවිය හැකි හා දේශපාලන අතකොලුවක් බවට පත් නොවේ යැයි සිතීමට හේතු ඇති උසස් පොලිස් නිළධාරියෙකු, මෙම අන්තර් නියෝගය බලපවත්වන කාලය තුල පොලිස්පති වශයෙන් පත් කර ගැනීම මගිනි. මේ පිළිබදව ටේ සියලුම බලධාරීන්ගේත්, විශේෂයෙන්ම විපක්ෂයට අයිති දේශපාලන නායකත්වයන්ගේත්, ටේ සියලුම මාධ්යන්ගේත්, සියලුම වෘතීය සමිති හා සිවිල් සමාජයේත් දැඩි අවධානයට යොමු විය යුතුව ඇත.

මෙසේ හිස් වූ පොලිස්පතිගේ තනතුරේ වැඩ බැලිමට භාරවන නිළධාරියාගේ ප්‍රධානම වගකීම විය යුතු වන්නේ රට තුල නිසි ලෙස අපරාධ පරීක්ෂණ පැවැත්වීමේ කාර්යට පසුගිය කාලය පුරාම පැවතී ඇති බාධක ඉවත් කිරීම සදහා වහා පියවර ගැනීමය. පළල් වෙමින් පවතින බරපතල අපරාධ වල පැතිරීමත්, මත්ද්රව් සම්බන්දයෙන් මුලු සමාජය පුරාම පැතිරී ඇති දැඩි බිය වීමත් මහා වසංගතයක් සේ පැතිරෙන දූෂණයත් නැති කර ගැනිම සදහා බරපතල බාධකයක් සේ පැවතියේ දැන් අතුරු නියෝගයට යටත් වී සිටින දේශබන්දු තෙන්නකෝන් නැමති පොලිස් නිළධාරියාගේ ක්රියාකලාපයයි.

මේ පිළිබදව තීරණාත්මක වෙනසක් දැන් අවශ්යව ඇති අතර ඊට අවශ් ඉඩකඩ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කර ඇති මෙම අතුරු නියෝගය තුලින් උද්ගත වී ඇත.

පොලීසිය පිළිබදව ඇති කල යුතු තීරණාත්මක වෙනස කෙලින්ම රට මුහුණ දෙන මූලික ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය විසදීමේ ප්‍රශ්නය බලපායි. සාර්ථක ආර්ථික ව්යුහයක් පවත්වාගෙන යාමට නම් නීතියේ ආධිපත් බරපතල ලෙස ස්ථාවරව තිබිය යුතුය. මෙම තත්වය ඇති කර ගැනීමට පැවති විශාලතම බාධකයක් තාවකාලිකව හෝ පසුබෑමකට ලක් කිරීම තුලින් ඇති වී ඇති වාසිදායක තත්වය යටපත් වීමට ඉඩ නොදිය යුතුය.