ශ්රීැ ලංකාව: අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ද ප්රoගීත් එක්නැළිගොඩට අත් වූ ඉරණමම අත්වීමට ඉඩ තිබුණි

English

ආසියානු මානව හිමිකම් කොමිසම

පසුගිය ඔක්තෝම්බර් 07 දින ශාන්ත තෝමස් විද්යාරලයේ ක්රීnඩාපිටිය ආසන්නයේ දී සිදු වූ අධිකරණ සේවා කොමිෂමේ ලේඛම් වරයා පැහැර ගෙන යෑමට තැත් කිරීමේ උත්සාහය සාර්ථක වූයේනම් ඔහුට සිදු වියහැකිව තිබුනේ කුමක්ද යන්න උපකල්පනය කිරීම ඉතාම අසීරු වනු ඇත. කෙසේ වුවත් මීට පෙර සිදු වූ පැහැරගැනීම් සමඟ සංසන්දනය කිරීමේදී ඔහුට පහත ආකාරයේ ඉරණමක් අත්වීමට ඉඩ තිබුණු බව නම් ඉතා පැහැදිලිය.

ඒ වූ කලී, පසුගිය ජනාධිපතිවරණය මුව විට දී සිදු වූ මාධ්ය වේදී ප්රණගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැරගෙන යාමේදී මෙන් ඔහු සිටින ස්ථානය අනාවරණය නොවීමට ඉඩතිබුණි. එසේ නොමැතිනම් මාධ්ය වේදී රිචඩ් ද සොයිසා පැහැරගැනීමෙන් පසු සිදු වූයේ ඔහු ගේ මළසිරුර හමු වීම වැනි සිදු වීමක් හෝ කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල ගේ පැහැරගෙන යාමෙන් පසු සිදු වූවා සේ ක්ෂණිකව ඇති වූ විශාල ප්ර චාරය කරනකොට ගෙන ඔස්ට්රේරලියානු මහකොමසාරිස්වරයාගේ මැදිහත් වීම හා බලපෑම්  මත නිදහස් කරනු ලැබීමක් සිදුවිය හැකිව තිබුණි. අදාළ ලේඛම් වරයාගේ පැහැරගෙන යාමට තැත්කිරීමේ සිද්ධිය සිදු වුයේ හුදකලා පෙදෙසකය.එම පැහැරගෙන යාම සාර්ථක වූයේ නම් පැය කිහිපයක් යන තෙක් කිසිවෙකුටත් ඒ පිළිබඳව දැන ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබුණි. එම නිසා කිසි වෙකුටවත් ලේඛම්වරයාට සිදු වුයේ කුමක්ද යන්න දැන ගැනීමට නොහැකි වනවා සේම පැහැරගැනීමට උත්සහ කළ අයට ඔහුව තමන් ගේ ස්වාමියට භාර දීමට ඇති තරම් කාල වෙලා ලැබෙනු ඇත.

එසේම මෙම පැහැරගෙන යෑම සාර්ථක වූයේනම් මංජුල තිලකරත්න මහතා අදාළ කොමිසමේ ලේඛම්වරයා ලෙස දරන ධුරය හා ඔහුට ඇති පිළිගැනීම නිසා ඔහුව පණ පිටින් මුදාහැරීමට ඇති ඉඩ කඩ ඉතාමත් සීමිතය. තව ද පැහැරගෙන යනු ලබන්නන්ට නීතිය ක්රිනයාත්මක වීමට ඇති ඉඩකඩ ඉහල වුණත් මෙම පැහැරගෙනයාමට දේශපාලනකි හස්තයක් සිටීම එයට ඇති ඉඩකඩ සීමා කරයි. එමෙන්ම ලේඛම්වරයා ඔහුට සිදු වූ සිදු වීම හෙළිදරව් කළ හැකි තත්වයක පසු වූවානම් ඉන් සිදුවිය හැකිව තිබු හානිය ඉතා විශාලය. එනිසා මෙවැනි අවස්ථාවන් හිදී සාමාන්යවයෙන් වින්දිතයන් ආපසු නොපැමිණේ.

ශ්රීා ලංකාව යනු පැහැරගෙන යෑම් සහ බලයෙන් අතුරුදන් කරවීම් දස දහස් ගණනින් අත්දකින ලද දේශයකි. මෙම පැහැරගෙන යාම් හා බලෙන් අතුරුදහන් කරවීම් වලට සම්බන්ධ පුද්ගලයන් අත්දැකීම් වලින් පරිපූරණ වී සිටිති. මොවුන්ගේ උත්සාහයන් මෙම සිදුවීමේදී මෙන් අසාර්ථක වී ඇත්තේ කලාතුරකිනි. කෙසේ වුවත් ඔවුන්ගේ සාර්ථක මෙහෙයුම් වල රහස් රැක ගැනීමටද ඔවුන් මනාව දනිති.

පසු ගිය දශක කිහිපයේදීම ශ්රීස ලංකාවේ පහලවූ ආණ්ඩු සියල්ලක්ම බලය යොදා අතුරුදහන් කිරීම් සම්බන්ධව ඔවුන්ගේ රහස් රැකගැනීමට කළ හැකි උපරිම දේ සිදු කළහ. අන්තර්ජාතිකව ඉතාමත් ඉහල මට්ටමකින් සිදු කරන ලද මැදිහත් වීම් මගින් වුවද මෙම බලයෙන් අතුරුදහන් කිරීම් වලට සම්බන්ධව සිටින්නන්ගේ රහස් හෙළිදරව් කරගැනීමට හැකිවූ අවස්ථා ඉතාමත් විරලය.

ගම්බද තරුණයන් පැහැරගෙන යෑමෙන් ආරම්භ වුණු මෙම බලය යොදා අතුරුදහන් කිරීම් හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පැහැරගෙන යාමට තැත් කිරීම දක්වා මේවනවිට වර්ධනයවී ඇත. අද වනවිට කිසිවෙකුට තමන් මෙම පැහැරගෙන යෑමේ අවධානමෙන් සුරක්ෂිත යැයි සිතිය නොහැක.

අධිකරණ සේවා කොමිෂමේ ලේකම් විසින් ඔහුව පැහැරගෙන යාමට තැත් කිරීමට පෙර අගවිනිසුරුතුමියගේ ජිවිතයට අවධානමක් ඇති බවට අනතුරු ඇඟවීමක් සිදුකළේය. නමුදු කිසිවෙකුත් මෙම ප්රජකාශයන් පිලිබඳ අවධානයක් දැක්වුයේ නැත. පැහැරගෙනයාම්, බලය යොදා අතුරුදහන් කිරීම් සහ අධිකරණ නියෝගයකින් තොරව සිදු කරන ( Extrajudicial Killings)  මිනීමැරුම් සම්බන්දයෙන් ගත් විට ශ්රීත ලංකාව තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකි බව සියල්ලෝම දනිති. රට තුළ ආරක්ෂාව පිලිබඳ කිසිඳු සුභදායක හැඟීමක් කිසිවකුට ඇති නොවන ආකාරයෙන් අපරාධ යාන්ත්රිණයක් ක්රි්යාත්මක වේ. මෙම අභ්යින්තර අපරාධ යාන්ත්ර ණයට ආරක්ෂක අංශ වල, බුද්ධි අංශ වල සහයෝගය ලැබෙන අතර ඉහල දේශපාලනඥයින්ගේ ආශීර්වාදය සහිතව රට තුළ ඉතා හොදින් ස්ථාපිතවී ඇත.

1971 දී ප්ර ථම වරට සිදුවූ මහා පරිමාණයේ අධිකරණ නියෝගයකින් තොරව සිදු කළ මිනීමැරීම් අත්හදා බැලීම් වලින් පසු ගෙවී ගිය අවුරුදු 40ක කාලයක් තුළ මෙම අපරාධ යාන්ත්රීනය වඩාත් වර්ධනය වී ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිම්බුරෙකු ගොදුරක් වෙලා ගන්න ආකාරයෙන් වෙලාගෙන ඇත.

මෙම අසාර්ථකවූ පැහැරගැනීමට  තැත්  කිරීමෙන් පසු රජයේ විවිධ පාර්ශව මෙම අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්වරයාව පැහැරගැනීමට තැත් කිරීම ඉතා සුළු සිදුවීමක් ලෙස සලකමින් ප්රිකාශ නිකුත් කරනු ලැබීය. එක් අමාත්යදවරයකු ප්රිකාශ කර සිටියේ අධිකරණ අමාත්යංආශ ලේකම්වරයා තම පුතා ක්රී්ඩා පිටියට ඇරලීමෙන් පසු එම ස්ථානයේ නොසිට තම මෝටර් රථයට වී පුවත් පතක් කියවීම වැරදි බවයි. තවත් ප්ර කාශයක සඳහන් වුයේ මෙම පැහැරගැනීමට තැත් කිරීම අධිකරණ කොමිෂන් සභා ලේකම්වරයා විසින්ම සැලසුම් කරන ලද්දක් බවයි. එමෙන්ම තවත් අමාත්ය වරයෙකු ප්ර්කාශ කළේ මෙය ආණ්ඩුව අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් තුන්වන පාර්ශවයක් විසින් සිදු කරන ලද්දක් බවයි. අමාත්යක මණ්ඩල මාධ්යක සාකච්චාවකදී ජන මාධ්ය් අමාත්යයවරයා ප්ර කාශ කළේ අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයා විසින් සති කීපයකට ඉහතදී කරන ලද මාධ්යය ප්රශකාශය සිදු නොකළ යුතුව තිබුණක් බවයි.

රජයේ මෙම ප්රයකාශ සහ ක්රි යාවන් කිසිදු දෙයකින්වත් මෙම සිද්දිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීමේ ඔවුන්ගේ අවංක උත්සහයක් පෙන්නුම් නොකෙරිණි. ජිවිතයට හා ආරක්ෂාවට බරපතල තර්ජන ඇති ශ්රී  ලාංකිකයන්ට ලබා ගැනීමට හැකි  දුරස්තම දෙය බවට ‘යුක්තිය’ පත්ව ඇත.

මෙහිදී තර්ජනයට ලක්වී ඇත්තේ අධිකරණයේම සාමාජිකයන්ය. ඔවුන්ගේම රටේ 100,000 ක පුරවැසියන් පහුගිය අවුරුදු 40 තුළ පැහැරගැනීමේ සහ බලය යොදා අතුරුදහන් කරවීමේ තර්ජනයන්ට ලක්වන විට අධිකරණයේ මැදිහත්වීම ඉතාමත් සුළු සැලකිල්ලකට සීමා කිරීම වඩාත් කණගාටුදායකය.

දැනටමත් ප්රකමාදවී ඇති හෙයින්, ශ්රීර ලංකාවේ ශ්රේාෂ්ඨාධිකරණය සහ සියලුම විනිසුරුවන්ට පුරවැසියන්ගේ අයින්තීන් හා ඔවුන්ගේ ජීවිතවලට ඇතිවී තිබෙන තර්ජනය සමබන්ධයෙන් අවදිවීමට මීටත් වඩා පමා විය නොහැක. තමන්ගේ රටේ හොදින් ස්ථාපනය වූ කුරිරු පැහැරගෙනයාමේ සහ බලයයොදා අතුරුදහන් කරවීමේ යාන්ත්රගණයට විරුද්ධව සටන ආරම්භ කිරීමේ හැකියාව පවතින්නේ අධිකරණයටය. මේ අවස්ථාවේ අධිකරණයේම සාමාජිකයෙක් වින්දිතයෙකු වී සිටින බැවින් මෙය සමහර විට අධිකරණයට සියලුම පුරවැසියන්ගේ සිවිල් නිදහස ආරක්ෂා කිරීමට පණ පෙවිය යුතුව තිබු, තමන්ගේ භූමිකාවට පණ පෙවීමට ලැබෙන අවසාන අවස්ථාව විය හැක.

සියලුම ශ්රී  ලාංකිකයන් සහ අන්තර්ජාතික ප්රයජාව මෙම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත එල්ලවූ ප්රකහාරය ඉතාම බරපතල දෙයක් ලෙස සැලකිය යුතුවා මෙන්ම, එය තනි පුද්ගලයකු මත එල්ල කරන ලද ප්රරහාරයක් නොව අධිකරණය නමැති ප්රෙජාතන්ත්රේවාදයේ අවසාන ආරක්ෂකයා වෙත එල්ලවූ ප්රඉහාරයක් ලෙස සැලකිය යුතුය.

Document Type : Statement
Document ID : AHRC-STM-199-2012-SI
Countries : Sri Lanka,