නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ කාර්යාලය මගින් 2015 සැප්තැම්බර් 16 වන දින ශ‍්‍රී ලංකාව පිළිබදව පරීක්‍ෂණ වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කරන ලදි. ලංකාවේ මානව හිමිකම් කඩවීම් හා යුද්ධ අපරාධ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය ලංකාවේ ආණ්ඩුවේ එකගතාවය ඇතිව මානව හිමිකම් කවුන්සලයේදී ඉදිරිපත් කර ඇති යෝජනවාට පදනම වන්නේ එම වාර්තාවයි.
ලංකාව තුළ විශේෂයෙන් 2002 සිට 2009 අතර කාලය තුළ සිදුවුනා යැයි කියන ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංගන කිරීම්, ජාත්‍යන්තර මානුෂික නීතිය උල්ලංගන කිරීම් හා ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංගන කිරීම් ඉහත සදහන් දීර්ඝ වාර්තාවේ ඉතා දීර්ඝව සටහන් කොට ඇත. නම් හා ස්ථාන හා දින වශයෙන් මෙම අපරාධ වාර්තා කොට ඇති අතර ඒ පිළිබදව වගකිව යුතු යැයි කිය හැකි අපරාධකරුවන්ද එම වාර්තාවට අඩංගුය.
ඉහත සදහන් වාර්තාවේ සුවිශේෂ කරුණ වන්නේ හුදෙක් එක් එක් තනි අපරාධ පමණක් නොව එම අපරාධ තුළින් කියවෙන අපරාධ රටාවක් ද එම වාර්තාව මගින් ඉතා පැහැදිලිව ඉදිරිපත් කොට ඇති බවය. එසේ අපරාධ රටාවක් ඉදිරිපත් කිරීම මගින් කියවෙන්නේ එක් එක් අපාරාධය සම්බන්ධයෙන් නම් කෙරෙන කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පමණක් නොව මෙම අපරාධ සම්බන්ධයෙන් කිසියම් සැලසුම් සහගත භාවයක් පැවත ඇති බවත් එම නිසා එම අපරාධ වලට අදාල පුද්ගලයන් අයත් වූ කණ්ඩායම් වල නායකයන් ද වගකිව යුතු බවය. එනම් අපරාධය සිදුවී ඇත්තේ යම් ආරක්‍ෂක අංශයක සමාජිකයෙකු අතින් නම් එය හුදෙක්ම ඔහු විසින් කල දෙයක් හැටියට නොව ඔහුට අණදුන් නිලධාරීන්ගේද සැළසුම් කිරීම මත එම අපරාධය සිදුවූ බව එයින් කියවේ. අපරාධය සිදුවූයේ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකු මගින් නම් එහිද අණ දෙන්නා මෙම අපරාධයට වගකිව යුතුය යන අදහස අපරාධ රටාවක් ගැන සදහන් කිරීමෙන් කියවේ.
එම අපරාධ සම්බන්ධයෙන් වගකීම් පරීක්‍ෂණ කිරීමේ දී මේවා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ සිදුවී තිබේද? නැද්ද? නඩු පවරා තිබේද? නැද්ද? නඩු පවරා තිබුනේ නම් අධිකරණ වලදී සිදුවූ ක‍්‍රියාමාර්ගය කුමක්ද? යන්න ආදියද මෙම අපරාධ සම්බන්ධයෙන් ඉහල නිලධාරීන්ගේ හෝ දේශපාලනඥයන්ගේ වගකීම පිළිබද සළකා බැලීමේදී අදාල කරුණක් වේ. අපරාධයක් වාර්තාවීමෙන් පසු ඒ පිළිබ`දව පරීක්‍ෂණ නොකෙරුනේ එසේ පරීක්‍ෂණ නොපැවැත්වීම සදහා පැවති බලපෑම් හෝ අභ්‍යන්තර ඇගිලි ගැසීම් නිසාද යන ප‍්‍රශ්නය ඉහළ නිලධාරීන්ගේ හෝ දේශපාලනඥයන්ගේ වගකීම සලකාබැලීමේදී අදාල ප‍්‍රශ්ණයකි.
නීතිපති දෙපාර්ථමේන්තුුව පිළිබදවද ගැටඑව මතුවන්නේ ඉහත නම්කරන ලද අපාරාධ සම්බන්ධයෙන් එම දෙපාර්ථමේන්තුව විසින් ගෙන ඇති ක‍්‍රියා පිළිවෙල සම්බන්ධයෙනි. අදාල නඩු පිළිබදව අධිකරණ ඉදිරියේ නඩු පවරා නිසි නඩුවිභාගයක් ගෙන යෑම නීතිපති දෙපාර්ථමේන්තුව විසින් කර තිබේද? නැද්ද? යන ප‍්‍රශ්නය මෙම අපරාධ වසන් කිරීම සම්බ්නධයෙන් එම දෙපාර්ථමේන්තුවේ සම්බන්ධයක් ඇති ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වැදගත්වේ.
මෙම වාර්තාවෙන් කියවෙන්නේ එහි නම්කර ඇති අපරාධ පමණක් නොව සමස්ථයක් වශයෙන් අපරාධ පරීක්‍ෂණ සම්බන්ධයෙන් හා නඩු පැවරීම සම්බන්ධයෙන් විශාල කඩා වැටීමක් රට තුළ පවතින බවය. අදාල අපරාධ පිළිබද පරීක්‍ෂණ නොපැවැත්වීම සමස්ථයක් වශයෙන් රටේ අපරාධ නීතිය ක‍්‍රියාත්මක කිරීම කඩා වැටීමේ පසුබිමක සිදුවී ඇති බව එයින් කියවේ.
එසේ සමස්ථයක් වශයෙන් අපරාධ පරීක්‍ෂණ මෙන්ම අපරාධ නඩුපැවරීම් හා පවත්වාගෙන යෑම් සම්බන්ධයෙන් රටේ අතිවිශාල කඩාවැටීමක් තිබෙන බව කාටත් උවද රහසක් නොවේ. එය කාලයක් තිස්සේ ලංකාව තුළම ඉතා පළල් වශයෙන් සාකච්චා වුනු කරුණකි. 2015 ජනවාරි 08 ට පෙර කාල පරිච්ඡ්දය තුළ පැවතුණු තත්ත්වය නම් රජයේ මැදිහත් වීම මගින්ම නඩු පිළිබදව පරීක්‍ෂණය හා නඩු පවත්වාගෙන යෑම යන කරුණු වලදී යුක්තිය නිසිලෙස ඉටුවීමට රජයම බාධාවක්ව පැවති බවය. 2015 ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණ වල ප‍්‍රතිඵල අනුව ඉහත සදහන් තත්ත්වය වෙනස් වේය යන බලාපොරොත්තුවක් රට තුළ ඇති වී ඇත.
එසේ වූවත් ලංකාවේ නීතිපති දෙපාර්ථමේන්තුව තුළ පවතින ඉතාමත් අවුල් සහගත තත්ත්වය නිසා නඩු පැවරීම හා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාධනීය වෙනසක් ඇතිවේද? යන ප‍්‍රශ්නය මේවන විටත් රටේ සාකච්චාවට භාජනය වී ඇත. එම නිසා නීතිපති දෙපාර්ථමේන්තුවේ මෙම අවුල සම්බන්ධයෙන් යම් පැහැදිලිකරගැනීමක් ඇති කරගැනීම අත්‍යාවශ්‍ය වේ.
නීතිපති දෙපාර්ථමේන්තුවේ වැඩ සම්බන්ධයෙන් රජයේ ඇගිලි ගැසීම පසුබිම සැකසුනේ 1978 ජේ ආර් ජයවර්ධන ඇතිකරන ලද ව්‍යවස්ථාව මගිනි. ඊට පෙර කාලයේදී නීතිපති ක‍්‍රමය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ පැවති සම්ප‍්‍රධාය යටත් විජිත සමයේම ලංකාවට ද ගෙන විත් තිබූ අතර එම බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රධාය තුළ නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට තදින් ගරු කිරීමක් පැවතින. නිදහසින් පසුද මෙම සම්ප‍්‍රධාය අඛණ්ඩව පවත්වාගෙන ගියා යැයි කිවහැක. එහෙත් 1978 විධායක ජනාධිපතිවරයාගේ බලතල මගින් අන් සියලූ ස්වාධීන සංස්ථාවන්ගේ බලය ගිල ගැනුනු තත්ත්වයක් යටතේ නීතිපති ක‍්‍රමය තුළද කඩා වැටීමක් පටන් ගන්නා ලදි.
මේ පිළිබදව නිරීක්‍ෂකයන් ප‍්‍රකාශකරන්නේ මෙම කඩාවැටීමේ ඉතාම පැහැදිලි අවදියක් වූයේ ආර් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා යටතේ සුනින් සිල්වා නීතිපතිවරයා ගෙන ගිය ක‍්‍රියාමාර්ගය යටතේය යන්නය. රජයට යටත් වීම එසේ පටන්ගත් අතර පසුකාලයේ දී එය වඩාත් ව්‍යාප්තව ගියේය. එසේ සුවිශේෂයෙන් ව්‍යාප්තවී යෑමේ තවත් අවදියක් වූයේ සරත් එන් ද සිල්වා නීතිපති තැනට පත්වීමය. මේ පිළිබ`දව රටේ දීර්ඝව සාකච්චා වී ඇති අතර මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අතින් මේ පිළිබදව දීර්ඝ සටහනක් තබා ඇත. ඊට පසුකාලය තුල මෙම නීතිපති දෙපාර්ථමේන්තුවේ යටත් වීම තවතවත් වාර්ධනය වූ අතර විශේෂයෙන්ම සමහර නීතිපතිවරුන් ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබදව විශේෂ පරීක්‍ෂණ වලදී එම පරීක්‍ෂණ යටපත් කිරීම සදහා ක‍්‍රියාකල ඇතිබව පිළිබදව ද වාර්තා වේ. උදාහරණයක් වශයෙන් 1983 කඑ ජූලිය කාලයේදී කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී දෙමළ සිරකරුවන් ගණනාවක් ම්ලේච්ඡු ලෙස මරාදැමීම සම්බන්ධයෙන් පැවති පරීක්‍ෂණය තුළ නීතිපති දෙපාර්ථමේන්තුවේ නීතිඥයන් ඉටුකරල ලද කාර්යය බරපතල ලෙස දෝෂදර්ශනයට ලක්වී ඇත. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළදී නීථිපති දෙපාර්ථමේන්තුව ජනාධිපති කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ වැඩකරන තත්ත්වය දක්වාම එම සංස්ථාවේ ස්වාධීන්ත්වයට විරුද්ධව පැවති තත්ත්වය වඩාත් ව්‍යාප්ත විය. විශේෂයෙන්ම සී ආර් ද සිල්වා හා මෝහාන් පීරිස් යන අයගේ කාලය තුළදී මෙම ආයතනේ ස්වාධීන්ත්වය පිරිහී ගිය ආකාරයද විවේචනයට භාජනය වී ඇත.
පරීක්‍ෂණ හා නඩු පැවරීම් වල පසුබෑම හා නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටේ ඇතිවූ අර්බුද
නොබෝ දා වාර්තා වූ සේයා සදෙව්මි යන කුඩා දැරිය සම්බන්ධ කෲර අපරාධ රට පුරාම විශාල කැළඹීමක් ඇති කලේය. එම කැළඹීම ප‍්‍රකාශයට පත්වූ එක් ආකාරයක් වූයේ මරණීය දණ්ඩණය නැවත ස්ථාපිත කළ යුතුය යනුවෙන් එක් මන්ත‍්‍රීවරයෙකු හා සමස්ථයක් වශයෙන් මාධ්‍යය තුළ පිළිබිඹු වුනු මතවාදය මගිනි. නීතිය ක‍්‍රියාත්මක වීම මුඑ මනින්ම මෙන් ඇණහිටි තත්ත්වයක් තුළ ම්ලේච්ඡු අපරාධ රටපුරා වාර්තා වීමත් සමග මහජන මතය තුළින් ප‍්‍රකාශයට පත්වන්නේ රටපුරා පැතිර පවතින මහත් භීතියක් හා සැකයකි. නීතියේ හවුහරනයක් නැති බව දකින ජනතාව වෙනත් කරකියාගත දෙයක් නොමැතිව එළ්ලූම්ගසවත් නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අපරාධ මර්ධනය කළ යුතුය යනුවෙන් සටන් පාඨ කීමට පටන්ගන්නා ලදි. තමන්ගේ සුරක්‍ෂිත භාවය පිළිබදව විශ්වාසය නැතිවන තත්ත්වය තුළ පොදු ජනතාව තුළින් මෙවැනි ඉල්ලීම් මතුවීම අස්වාභාවික නැත.
එහෙත් එළ්ලූම් ගසේ නැවත ක‍්‍රියාත්මක කිරීම තුලින් දැනට නීතිය පිළිබද පවතින මහා අර්බූදය කොයි ආකාරයෙන් වත් නොවිසෙෙදන බව මේ ප‍්‍රශ්ණය පිළිබදව ප‍්‍රඥාගෝචරව කල්පනා කරණ කාට වූවත් පැහැදිලිවන දෙයකි. අපරාධ පරීක්‍ෂණ හා සාධාරණ ලෙස ඒවා පිිළිබදව නඩු පැවරීම් හා නඩු පවත්වාගෙන යෑම් නොකෙර තත්ත්වයට පිළියමක් දීමට එළ්ලූම් ගසට හෝ අඑගෝසුවාට නොහැකිය. වගකිව යුතු නිළධාරීන් විසින් අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමත්, නීතිපති දෙපාර්ථමේන්තුව විසින් ඒ පිළිබදව නඩු පවරා ඒවා පවත්වා ගෙන යෑම්ත් අධිකරණ මගින් මේ පිළිබදව නඩු අසා සාධාරණ තීන්දු දීම මගින් අපරාධකාරයිනට ලැබිය යුතු දඩුවම ලබාදීමත් යන සියඑම කරුණු අමතක කොට දමා මේ සියලූ සංස්ථාවල වගකීම අඑගෝසුවාට පැවරීම වනාහී මුග්ධ කල්පනා රටාවක් පිළිබිඹු කරයි.
එසේ වූවත් මහජනතාව තුළ නැගී ඇති මේ ආවේගය ඇත්තෙන්ම එළ්ල විය යුතු වන්නේ අපරාධ පරීක්‍ෂකයන් හා නඩු පැවරීමේ කාර්යය භාරව සිටින නීතිපති දෙපාර්ථමේන්තුවට හා අධිකරණය වෙතය. අද ජනතාව මේ සියඑ කිසිදු සංස්ථාවකින් තමන්ගේ ආරක්‍ෂාව සදහා කිසිම බලාපොරොත්තුවක් නොතබන තත්ත්වයට පත්වී ඇත. මේ අනුව බලන කල මේ සියඑම සංස්ථා පිළිබදව රටේ ජනතාවගේ ඉතා බරපතල අවිශ්වාසයක් ගොඩනැගී ඇති බව පෙනී යයි.
එම අවිශ්වාසය ඇතිවීමට වගකිව යුත්තේ ඉහත සදහන් සංස්ථාවන් පමණක් නොව මේ සංස්ථාවන් නිසිලෙස පවත්වාගෙන යෑමේ කාර්යය භාරව සිටින රජය විසිනි. පරීක්‍ෂණ පවත්වන පොලීසිය සම්බන්ධයෙනුත් නඩු පවරා පවත්වාගෙන යන නීතිපති දෙපාර්ථමේන්තුව සම්බන්ධයෙනුත් යුක්තිය පසිදලීමේ කාර්යය භාරව ඇති අධිකරණය සම්බන්ධයෙනුත් කටයුතු කරන ඇමතිවරු හා ඇමතිවරුන් හසුරුවාලන අගමැතිවරයා හා ජනාධිපතිවරයා රටේ දැන් පවතින අසහනය සම්බන්ධයෙන් වගකීම බාරගත යුතුවේ. පොලිස් පරීක්‍ෂකයනට ඔවුන්ගේ කටයුතු නිසිලෙස කරගෙන යෑමට අවශ්‍ය සියඑම දේවල් ලබාදීමේත් එමෙන්ම ඔවුන්ගේ විනය පිළිබ`දව සුපරික්‍ෂාකාරී වීමේත් ක‍්‍රියාවලිය නිර්මානය කරන්නේ ඉහත කී ඇමතිවරුන් හා රජයේ ප‍්‍රධානීන් විසිනි. නීතිපති දෙපාර්ථමේන්තුව සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. එය අද පවතින තත්ත්වයට කඩාවැටීමට වගකිව යුත්තේ රජය විසිනි. අධිකරණයේ අඩුපාඩු සම්බන්ධයෙන් ද විශේෂයෙන්ම නඩු පමාවීමේ කල් පමාවීම් සම්බන්ධයෙන් ද අධිකරණයේ විනය සම්බන්ධයෙන් ද සොයාබැලීමේ හා එය නිසිලෙස පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය තීරණ ගැනීමේ හා අවශ්‍ය මුදල් අයවැය ලභාදීමේ කාර්යය පැවරෙන්නේ රජයටය.
නීතිය ක‍්‍රියාත්මක වීම පිළිබදව හා ම්ලේච්ඡු අපරාධ පැතිරීම සම්බන්ධව රටපුරා පවතින විශාල ජනතා නැගී සිටීම මගින් ඉල්ලා සිටින්නේ යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයක් පුරා රජයන් විසින් එහි යුතුකම් ඉටුකිරීම පැහැරහැර තිබීම දැන් අවසානයකට ගෙනආ යුතුබවය. මේ වෙනුවට ජනාධිපතිතුමාද ඇතුලූව සමහර දේශපාලඥයන් මේ කර්තව්‍යයන් ඉටුකර ගැනීම සදහා අඑගෝසුවා හා එළ්ලූම්ගස සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත්කොට ඇති මත ඔවුන්ගේ අවබෝධයේම අඩුපාඩු හා ඔවුන්ගේම වගකීම් පැහැරහැරීම පිළිබදව පසුතැවිල්ලක් ඇති නොවීම පිළිබදව ප‍්‍රකාශනයකි.
මේ අනුව රටේ සිවිල් සමාජයේත් රටේ මත මෙහෙයවන මාධ්‍ය හා බුද්ධිමතුන්ගේත් විවේචනය එළ්ල විය යුතු වන්නේ අකාර්යශ්‍යමභවායට පත්ව ඇති පොලීසිය හා දුෂණයට භාජනය වී ඇති නීතිපති දෙපාර්ථමේන්තුවත් ලෝකයේ පිළිගත් සම්ප‍්‍රධානයන්ට අනුව යුක්තිය පසිදාලීමට අපොහොසත් වන අධිකරණයටත් මේ සියල්ලන් මෙහෙය වීමේ වගකීම පැහැර හැර ඇති රජයේ අදාල මැති ඇමතිවරනුත් වෙතය.
දැන් රටේ ජනතාව ඉල්ලා සිටින්නේ නීතිය පසිදලීමට සම්බන්ධ සියලූ සංස්ථාවල විශාල වෙනසක් ඇති කිරීම මගින් ඒවායෙහි කාර්යශ්‍යමභාවය හා යුතුකම් ඉටුකිරීමට හැකි තත්ත්වය නිර්මානය කරන ලෙසය. එය වර්ථමාන තත්ත්වය තුල මගහැරිය නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇත. රජය මෙම ප‍්‍රශ්නය උරදීම පමාකරන සෑම දිනයක් පාසාම රට තව තවත් ම්ලේච්ඡුවය දෙසට ගමන් කරණු ඇති අතර මහජනතාව තුළ ඇති භීතිය හා කැළඹීම ද ඒහා සමානවම උග‍්‍රවනු ඇත. දැන් අවබෝධයක් ඇති ජනතවාත් වගකීමක් ඇති රජයත් මේ ප‍්‍රශ්නයට වහා විසදුම් ලබා ගැනීමේ දිසාව වෙත යොමු විය යුතුුය. එනම් යුක්තිය පසිදලීමේ සංස්ථාවන් තුළ විශාල පරිවර්ථනයක් කෙටි කාලයක් තුළ ඇති කළ යුතුය.