උප පොලිස් පරීක්ෂක සරත් ප්රේtමචන්ද්රහගේ මරණය කෆ්කානු කතාවකි.
එම්. ඉලන්චේලියන් විනිසුරු, ගතවූ දශක කිහිපය තුළ ශ්රීක ලංකාවෙන් බිහිවූ ශ්රේරෂ්ඨතම විනිසුරුවරයෙකි. තවමත් මහාධිකරණ විනිසුරුවරයෙක් වුවද, ඔහු උපරිමාධිකරණ විනිසුරුවරයෙකු වීමට වුව සුදුසු අයෙකි. එය එසේ වූවා නම් ඔහු උපරිමාධිකරණයේ ශ්රේධෂ්ඨ වත්කමක් වනවා පමණක් නොව ශ්රීු ලංකාවේ නීතිය හා සාමය සම්බන්ධයෙන් පවතින සතුට නූපදවන තත්ත්වය රැඩිකල් වෙනසකට භාජනය කිරීම සඳහා සිහින මැවූ කිහිප දෙනෙකුගේ පරිශ්ර්මයන්ට සහයෝගය දීමට ද ඔහු සමත්වන්නට ඉඩ තිබිණි.
ඉලන්චේලියන් විනිසුරු, නීතිය මත පාලනය සහ යුක්තිය ඉටුවීම උත්තම්භනය කිරීම, කිසිදු විටෙක අත් නොහරිමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අසීරුම ක්ෂේත්රතයන් හි අරගල කර තිබේ.
මෑතකදී හටගත්, ඔහුගේ වඩාත්ම විශ්වාසනීය රැකවලා වූ උප පොලිස් පරීක්ෂක සරත් ප්රේදමචන්ද්රය ඝාතන සිද්ධිය, මුළු රටටම ශෝක දිනයක් විය යුත්තේය. ඉලන්චේලියන් විනිසුරු එම සිද්ධියට ප්රතිචාර දැක්වූ ආකාරය අතිශයින්ම අර්ථාන්විත සහ කතා කළ යුතු දෙයකි. සිය මියගිය රැකවලාගේ බිරිඳගේ දෙපා මුල ඔහු වැටී, අතිශයින්ම නිහතමානී අන්දමින් ඔහු ඇයට වඳියි. මේ දුක්ඛජනක අවස්ථාවේදී ඔහු හැඬුවේය. කඳුළු සළන විනිසුරුවරයෙකුව රූපවාහිනී නාලිකා විසින් ප්රඛථම වතාවට පෙන්නුවේය. “කඳුළු සළන්නට නොහැකි විනිසුරුවරයෙක් විනිසුරෙකු වන්නට සුදුසු නැත” යැයි කීවේ ශ්රේනෂ්ඨ ඉන්දියානු විනිසුරු වී.ආර්. ක්රිුෂ්ණ අයියර් ය.
මෙම සිද්ධියේ තිබූ එක් අශෝභන දෙයක් වන්නේ පොලිස් මාධ්යණ ප්ර්කාශක විසින් මෙකී වෙඩිතැබීම ඉතාම සාමාන්යඅ දෙයක් යැයි හැඟී යන අන්දමින් සැලකීමයි. සිද්ධියෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත, එය යම් බීමත් පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමක් යැයි පැවසීම මගින් ඔහු එම සිද්ධියේ සුවිශේෂී බව නිෂ්ප්ර භා කිරීමට තරම් නිර්භය වූයේය. විධිමත් නිසි පරීක්ෂණයක් තවමත් සිදුකෙරී නැති අතර, සැකකරුවන්ගෙන් එක් අයෙක් කිසිදු හානියකින් තොරව පැන යාමට සමත් වී ඇති නමුත්” එකී සඳහන මගින් සිද්ධිය හෑල්ලුකිරීම දැනටමත් සිදුවී හමාර ය.
එකී පොලිස් ප්රකකාශවල අරමුණ වන්නේ මහජනයා ව ව්යාතකූල කිරීම සහ විමර්ශන නොමග යැවීමයි. මෙම වෙඩිතැබීම සිදුවන්නේ අපරාධකරුවෙකුට රැකවරණය ලබාදීම නිසා නියෝජ්යි පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව වන හෙයින්, එය සිතාමතා වසංකිරීමක් වශයෙන් නොසැලකිය නොහැකි වන්නේය.
මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනය කළ යුතුය. එය ප්රානදේශීය පොලිසියට භාර දී නොසිටිය යුතුය.
තරගකාරී සහ අපක්ෂපාතී විමර්ශන කණ්ඩායමක් විසින් තරයේ විමර්ශනය කරනු ලැබීමකින් තොරව පොලිස් ප්ර්කාශකවරයා විසින් එබඳු ප්රනකාශයක් සිදුකිරීම සපුරාම නුසුදුසු ක්රිමයාවකි. මෙය අපට සිටිනා හොඳම විමර්ශකයන් යොදවා විමර්ශනය කළ යුතු සිද්ධියකි.
මෙකී සම්පූර්ණ සිද්ධියම හටගන්නේ කෆ්කානු එපිසෝඩයක් දිගහැරෙන පරිද්දෙනි. යුක්තික ක්රිණයාවලියේ සමස්තය තුළ පවතින දැඩි නිරර්ථකභාවය මේ සිද්ධිය මගින් විදහා දැක්වේ. අනියම් සිද්ධියක් ලෙස මෙය සැලකීම ද, ලංකාවේ ජනයා දීර්ඝ කාලයක් මුළුල්ලේ අත්දැක තිබෙන ඛේදනීය නාටකයේම කොටසකි.
විනිසුරු එම්. ඉලන්චේලියන් මහ හඬින් කළ හැඬුම, මියගිය වීරයෙකු වෙනුවෙන් කරන හැඬුමක් පමණක් නොවේ. ශ්රීම ලංකාව තුළ සකල යුක්තික පද්ධතියම මුහුණ දී ඇති අසීමාන්තික අර්බුදයක (අර්බුදය යන හුදු යෙදුම පමණක් මෙහිදී ප්රිමාණවත් නොවනු ඇත) සම්බන්ධයෙන් කළ හැඬුමකි. එය වෙනසක් ඉල්ලා සිටින හැඬුමකි. එය ජනතාවගේ අපේක්ෂා භංගත්වය විදහා දක්වන හැඬුමකි.
තවද මිය ගිය උප පොලිස් පරීක්ෂක සරත් ප්රේවමචන්ද්රි පුරා වසර 15 ක් විශ්වාසනීයත්වයෙන් සහ හිතෛෂීභාවයෙන් යුතුව සිය විනිසුරු පසෙකින් සිටීම ම, වාර්ගික බාධක ඉක්මවා යා හැකි සහ, සිය ජනතාව වෙනුවෙන් සේවය කරන අතිජාත සහ කල්යාබණ මිත්රකයන් විය හැකි ශ්රේ ෂ්ඨ මිනිසුන් තවමත් සිටින බව ද විදහා දක්වන්නේය.
බැසිල් ප්රානාන්දු විසිනි.
පරිවර්තනය: රදිකා ගුණරත්න
Read English Version Here