ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් මතුවී තිබෙන විවාදය මේ පිළිබඳව පැවතී ඇති සාකච්චා වල වැදගත් අවධියක් ලෙස සැලකිය හැකිය. රන්ජන් රාමනායක මහතා හා ලංකාවේ නීතිඥ සංගමය අතර ඇතිවූ විවාදයක් සේ මෙය පටන් ගැනුනත් මේ වන විට එය පළල් ක්ෂේත්රකයක් කරා පළල් වී ඇත. මේ පිළිබඳ මහජන අවධානයද ඉතා බලවත් ලෙසින් ඉස්මතු වී ඇත.
සමස්ථ අධිකරණමය පද්ධතියේ යන්නෙන් ඉතා පළල් ක්ෂේත්රියක් අර්ථ ගැන්වේ. එනම් විවිධාකාර ප්රිශ්න, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් පවතින අසාමාන්‍ය පමාවීම් නීතිඥ වෘත්තීය තුළ පැවතිය යුතු වෘත්තීය මය ගෞරවය, අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව ඇති තර්ජන හා නීතිය මත පාලනය හා නීතිය කරිේ යාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු මේ අතර පරවත ධාන තැනැක් ගනී.
මේ පරික ශ්ණ වලට පසුබිම ලෙස පවතින්නේ 1972 සහ 1978 ව්යgවස්ථා මගින් අධිකරණයේ බලධාරීත්වය යටපත් කිරීම හා බලතුලනය පිළිබඳව ඇති ව්ය්වස්ථාමය සම්පරැනැධායන් නොතකා හැරීමය. ඉතා පැහැදිලිව පෙනී යන්නේ අධිකරණයේ බලය යටපත් කිරීමට විධායකයට අවශ්යල වූ බවය. සෝල්බරි ව්යකවස්ථාව යටතේ පැවති අධිකරණයේ ස්වාධීනත්වය ඊට අඩු තත්ත්වයකට ඇද දැමීමට බලවත් පර්ප යත්නයක් දියත්විය. මේ නිසා ඇති වුණු අසමතලිතතාවය යුක්තිය පසිඳලීමේ සියලූම අංශයන් කෙරෙහි පැතිර ගියේය. මේ නිසා යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් තළ ගුණාත්මක පහතවැටීමක් සිදුවිය. මෙසේ ඇතිවූ ගුණාත්මක වෙනස්කම් ඉතා දීර්ඝ වශයෙන් වාර්තා ගතවී ඇත. අවශ්යට වී තිබෙන සංශෝධන සම්බන්ධයෙන් මෙම වාර්තාවන් තුළින් එක්තරා මගපෙන්වීමක් කරණු ලබයි. ආසියානු මානව හිමිකම් කොමිසම පසුගිය දශකයන් තුළදී මෙම බරපතල පහත වැටීම් සම්බන්ධයෙන් නොකඩවා මහජන අවධානය යොමුකරවා ඇත. දැන් පවතින විවාදය වඩා සාධනීය පැත්තකට යොමුකරවා ගැනීම සඳහා ඉහත සඳහන් කරන ලද කඩා වැටීම් වල මූලික අංගයන් සම්බන්ධයෙන් මතක් කරගැනීම වටී.
ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතිය බලවත් ලෙස තර්ජනයකට පත්වී ඇත. අපරාධ පරීක්ෂධණය සම්බන්ධයෙන් රටේ ඇති මූලික සංස්ථාව වන පොලීසිය, එහි යුතුකම් ඉටුනොකිරීම සම්බන්ධයෙන් බරපතල මහජන විවේචනයට ලක්වී ඇත. අපරාධ පරීක්ෂ්ණ සම්බන්ධයෙන් කරිප යාත්මක විය යුතු අපරාධ පරීක්ෂධණ කරිව යා පටිපාටිය බොහෝ විට නොතකා හැර ඇති අතර මේ නිසාවටම බරපතල අපරාධ වලට ලක්වූ වින්දිතයන් තුළ පවා යුක්තිය ඉටුකරගැනීමට ඇති උවමනාව පළුදු වීමට පටන්ගෙන ඇත. මේ නිසා දුෂණයේ ඉහළ යෑමක්ද සිදුවී ඇත. මහජනයා නීතිමය රාමුව යටතේ යුක්තිය සොයනවාට විකල්පව වෙනත් මාවත් සෙවීමට පටන්ගෙන ඇත.
පොලිස් පරීක්ෂිණ වල ඇති දුර්වලකම් නිසා පැණනැගෙන ගැටළු අභිචෝදක කාර්යය සම්බන්ධයෙන් පමණක් නොව අධිකරණයේ කරික යාදාමය සම්බන්ධයෙන් ද බලපා ඇත. අපරාධ පරීක්ෂකණ වල බරපතල අඩුපාඩුකම් ඇති තත්ත්වයක් තුළ යුක්තිය ඉටුකර දීමට අභිචෝදකයන්ට හා අධිකරණයට ඇති හැකියාව දුර්වල වේ. මේ නිසා අපරාධ පරීක්ෂළණ සම්බන්ධයෙන් අභිචෝදකයන් (නීතිපති දෙපාර්තමේන්තුව) හා අධිකරණමය අධීක්ෂනණය වැඩි දියුුණු කල යුතුව ඇත. වඩා දියුණු අධිකරණ පද්ධතීන් තුළ ඇතිකර ගෙන ඇති වර්ධනයන් ලංකාවේ නීතියටද ඇතුල්කරගත යුතුය. අපරාධ පරීක්ෂමණ සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ තලවල නිලධාරීන්ගේ වගවීම තහවුරු කරන නීතිමය වෙනස්කම් ඇතිකිරීම අත්‍ය වශ්යන වී ඇත. මේ සියලූ පරර් ශ්ණ වලට ඉතා කැපීපෙනෙන හේතුව ලෙස පවතින්නේ යුක්තිය පසිඳලීමේ සියලූම අංශයන් අතර විශාල විනය පිරිහීමක් පැවතීමය. මෙම ආයතනවල ඇති වැරදි සම්බන්ධයෙන් කෙරෙන මහජන පැමිණිලි සාධාරණව හා අව්යාතජව මෙන්ම ඉක්මනින්ද පරීක්ෂා් කර පරරද තිකර්ම ලබාදීම පිළිබඳව ඉක්මන් වෙනසක් ඇතිවිය යුතුය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වය පළල් කොට අධිකරණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි පිළිබඳව සාධාරණය ඉටුකිරීමටත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතිවන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පළල් කිරීමත් නීතිඥ වෘත්තීය පාලනය කිරීම සඳහා නියාමක රටාවක් ඇතිකිරීම මගින් නීති වෘර්තිය තුළ විනය වගාකල හැකි තත්ත්වයක් ඇති කිරීමත් ඉක්මනින් ගත යුතු පියවර සේ පවතී.
මෙම ඉතා වැදගත් සංස්ථාවන් තුළ පැවතිය යුතු විනය තහවුරු කිරීම මගහැරීම කෙසේවත් සාධාරණ කළ නොහැකිය. කිසිවෙකුත් නීතියට ඉහළින් නොසිටින බව පරරී කාශයට පත්කල හැක්කේ, යුත්කිය පසිඳලීම සඳහා වන සියලූම සංස්ථාවන් තුළ විනය ඉතා හොඳින් පවත්වාගෙන යෑම තුළින් පමණය. ලංකාවේ නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන සියල්ලන්ගේත් විශේෂයෙන්ම ලංකාවේ නීතිඥ සංගමයේත් ව්යාරයාමය විය යුත්තේ දැනට ඇති විවාදය අධිකරණමය පද්ධතියට අවශ්යක වී ඇති වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා යොමුකර ගැනීමය. කඩා වැටුණු පද්ධතියක් සාධාරණය කිරීමේ කථිකයන් බවට පත්වීමෙන් කාටවත් පරයා යෝජනයක් වන්නේ නැත. අවශ්‍යතව ඇත්තේ සියලූම බුද්ධියත් හා ශක්තියත් ඉක්මනින් කාටත් පරත් යෝජනවත් වන වෙනස්කම් ඇතිකරවා ගැනීම සඳහා යොමුකර ගැනීම තුළින් දුෂණය මගහරවා ගැනීමය.