ඔක්තොම්බර් 10, 2012
ආසියානු මානව හිමිකම් කොමිසම
පසුගිය ඔක්තෝම්බර් 07 වැනි දින, මහා අධිකරණයේ හිටපු විනිශ්චකාරවරයෙකු මෙන්ම අධිකරණ සේවා කොමිසමේ ලේඛම් ධූරය දරණ මංජුල තිලකරත්න මහතා පුද්ගලයින් සිව් දෙනෙකුගේ ප්රාහාරයට ලක් විය. ශාන්ත තෝමස් විදුලේ ගෘහස්ථක්රීතඩාංගණය වෙත තම පුතනුවන් සහ බ්රිඳ ගොඩ බැස්සීම සඳහා ලේඛම් වරයා එදින ගමන් කළේය. ඔහුගේ බ්රිඳ සහ පුතනුවන් එහි බැස්සවීමෙන් පසු තම මෝටර් රථය මාර්ගය අසල නවතා, වාහනය තුළට වී හෙතම පුවත්පතක් කියවමින් සිටියේය.
මද වෙලාවකට පසු පුද්ගලයින් සිව් දෙනෙකු තමා දෙසට ගමන් කරමින් සිටින බව හෙතම දුටුවේය. ඉන් එක් අයෙකු අතෙහි අඩි තුනක් පමණ දිග පොල්ලක් තිබු අතර තවත් අයෙක් පිස්තෝලයක් අතින් ගෙන තිබුණි. පොල්ලක් රැගෙන පැමිණ තැනැත්තා මෝටර් රථයේ ඉදිරි මගී ආසනය දෙසට ගමන් කළ අතර අනෙක් තිදෙනා රියදුරු ආසනය ආසන්නයේ රැඳී සිටිමින් ලේඛම් වරයාට මෝටර් රථයේ දොර විවෘත කරන ලෙස ඉල්ලා සිටි නමුත් හෙතම එය ප්රිතික්ෂේප කළේය.
ඉන් පසු පිස්තෝලය පෙන්වා ඔහුට තර්ජනය කරීමත් සමඟ ලේඛම් වරයා තම මෝටර් රථයේ දොර විවුර්ත කරනු ලැබීය. පසුව පිස්තෝලයක් සහිතව සිටි අය ” උඹද ජේ. එස්. සී. එකේ ලොක්කා”, යැයි ඇසීය. ඉන් පසු කිසිඳු වගවිභාගයකින් තොරව ඔවුහු ලේඛම්වරයාට පහර දීමට පටන් ගත් අතර ඔහු මෝටර් රථයෙන් පිටතට අද ගැනීමට උත්සහ කරනු ලැබුහ.
නමුත් ඔහු ඔවුන්ට අඛණ්ඩව තම විරෝධය ප්රමකාශ කරනු ලැබීය. ඔහුව එම මෝටර් රථයෙන් පිටතට ඇද ගැනීමට නොහැකි වූ බව අවබෝධ කරගත් එම සන්නද්ධ පිරිස ඔවුහු මගී ආසනය වෙත තල්ලු කිරීමට උත්සහ දැරූහ. එහිදී තමා පැහැර ගැනීමට උත්සහ කරන බව අවබෝධ වීමත් සමඟ හෙතම මහ හඬින් කෑ ගැසීය.
ඔහුගේ හඬත් සමඟ ආසල පිහිටි නිවෙස් වල වැසියන් මෙන්ම, එසේම ත්රී වීලර් රියදුරන් සේම තවත් පිරිස් අදාළ සිදු වීම ගැන දැන ගැනීමට සමත් වූහ.
එත් සමඟ පහරදීමට පැමිණි සිව් දෙනා මෝටර් රථයේ පිටුපස දිශාවට දුවන්නට වූ අතර ටික වෙලාවකින් නොපෙනී ගියහ.
ඉන් පසුව ලේකම්වරයා රෝහල් ගත කරනු ලැබුවේ පහර දීම් වලින් හටගත් තුවාල වලට ප්රරතිකාර කිරීම සඳහාය.
අදාළ ප්රාහාරය සහ ඊට අනුබල දුන් අය වලුන්ට සහ පහර දීම සඳහා පැමිණි සිව් දෙනාට එරෙහිව එරෙහිව උද්ඝෝෂණ මාලාවක් මේ වන විට දැක ගත හැකිය.
අධිකරණය සහ අධිකරණ සේවා කොමිසම අනවශ්යබ ඇඟිලි ගැසීම් වලට මුහුණ පා සිටින බවට අදාළ ලේඛම් වරයා විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 18 වන දිනය. අදාළ නිවේදනය මඟින් ඇතැම් මාධ්යන විසින් කොමිසමට එරෙහිව අසත්යහ ප්රාචාර ගෙනයමින් නොයෙක් අවලාද ගොඩ නගන බවත් කොමිසම විසින් එක්තරා විනිසුරුවරයෙකුට එරෙහිව පැවැත් වූ විනය පරීක්ෂණයට ඉහල නිලධාරීන් මැදිහත් වීමට උත්සහ කළ බවත් පෙන්වා දෙනු ලැබීය.
එම නිවේදනයෙන් පසු රාජ්යේ මාධ්යි විසින් අති විශාල ප්රමද්ධියක් ලබා දෙමින් එයට විරුද්ධව එසේම අධිකරණ සේවා කොමිසමට මෙන්ම පොදුවේ අධිකරණයට විරුද්ධව වැඩපිළිවෙලක් රැගෙන යනු ලැබීය.
අධිකරණ සේවා කොමිසමේ ලේඛම් වරයාට එරෙහිව ප්රිහාරය එල්ල වන්නේ මෙම පසුබිම යටතේය.
අදාළ ප්රේහාරය එල්ල වූයේ ලේඛම් වරයා පිළිබඳව සෙවිල්ලෙන් සිටින අවස්ථාවේදීය. ප්රිහාරයට පැමිණි පිරිස ඔහුගේ දෛනික ජීවිතය පිළිබඳව මනා අවබෝධයකින් සහ සැලකිල්ලකින් සිටි බව පෙනේ. ඔවුහු දුරකථන මඟින් එකිනෙකා තොරතුරු හුවමාරු කරගත් බවද ප්රකතික්ෂේප කළ නොහැකිය.
ප්රැහාරය සඳහා ඉහළ පෙළේ සහයෝගයක් එකිනෙකා අතර පැවති ඇත. වැරදීමකින් හෝ පැහැර ගැනීමට පැමිණි අය වලුන් සාර්ථක වූයේනම් ඔහු පැහැර ගැනීමට ලක් වනවා පමණක් නොව ඔහුගේ ඉරණම ගැනද උපකල්පනය කිරීම අපහසු නැත. පැහැර ගැනීම වූ කලී ශ්රී් ලංකාවේ නිතරම සිදුවන සිදු වීමක් වන අතර බොහොයක් එවැනි සිදු වීම් වලින් පසු සිදු වූයේ කුමක්ද යන්න පොදුවේ දන්නා කාරණයක් බවට පත් වී තිබේ. පැහැරගැනීම් බොහොමක් බලාත්මක අතුරුදන් කිරීම් වලට හේතු වූ නමුත් ඉන් ඉතාම සුළු පිරිසක් දැඩි බලපෑම් වලට මුහුණ දී තම ජීවිතය බේරා ගැනීමට සමත් වූහ. දේශීය සහ ජාත්යැන්තර මාධ්යග තුළ ඉතාම වැඩි අවදානයක් තවමත් ලබා ගනිමින් සිටින එක් පැහැර ගැනීමක් වන්නේ ප්රමගීත් එක්නාලිගොඩගේ අතුරුදන් කිරීමයි.
අදාළ සිදුවීම් වල පසුබිම් තොරතුරු විමසීමේදී ඒවාට ආණ්ඩුවේ ඉහළ පෙළ අයවලුන් සම්බන්ධ බව නිසැක කාරණයකි. අදාළ සිදු වීමෙන් පසු දින කිහිපයක් ගත වී ඇතත්, ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව කීවද තවමත් කිසිඳු දෙයක් සිදු වී නැත. ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජනයක් මෙම ප්රුහාරයට ඇති බවට මෙයද ඉතා පැහැදිලි කාරණයකි.
මෙම ප්රැහාරයේ සුවිශේෂ කාරණය වන්නේ ආණ්ඩුව සහ අග විනිසිරු ඇතුළු ශ්රේ ෂ්ඨාධීකරණයේ විනිසුරන් දෙදෙනෙකුද නායකත්වය දරණ අධිකරණ සේවා කොමිසම අතර පවතින ඝට්ඨනයයි. අදාළ කාරණයේ ඇති ගැටලුකාරී තත්වය මත අදාළ කොමිසමට තමාගේ කටයුතු කිරීමට හැකියාව තිබේ. නමුත් ආණ්ඩුවට අවශ්යප වී ඇත්තේ අදාළ කොමිසම තමාගේ අතකොළුවක් කර ගැනීමටය.
කොමිසම විසින් පෙන්වා දෙනු ලැබූ කාරණයේදී ආණ්ඩුවට අවශ්යො වූයේ ඇතැම් දුෂිත විනිසුරන් සඳහා කොමිසම විසින් ගන්නා නිතී ක්රිකයා මාර්ගයෙන් මුදා ගැනීමටය. එය සාර්ථක වූයේනම් විනිසුරුවරුන්ගේ ගෞරවනීය රාජකාරි කටයුතු සඳහා කිසිඳු ඉඩක් නොතිබෙනු ඇත.
අධිකරණ සේවා කොමිසමට අනවශ්යන ඇඟිලි ගැසීම වූ කලී ශ්රේබෂ්ඨාධීකරණය මර්ධනය කිරීම සේම පොදුවේ අධිකරණයේ ස්වාධීනත්වය මර්ධනය කිරීමේ එක කාරණයක් පමණි. පාලනයේ සිටි සෑම ආණ්ඩුවකටම අධිකරණයේ ස්වාධීනත්වය පැවතීම මහත් හිසරදයට හේතු වූ බව පසුගිය දශක කිහිපය ගැන සැලකීමේදී පෙනේ.
පාර්ලිමේන්තුවේ ආධිපත්යක නිතීයේ ආධිපත්ය්ට විරුද්ධව කරනු ලැබූ පළමු බරපතල ප්රේහාරය වූයේ 1972 බලයේ සිටි සභාග ආණ්ඩුව විසිනි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබේනම් ශ්රේලෂ්ඨාධීකරණය අර්ථ නිරූපණයකින් තොරව ඕනෑම නීතයක් නිර්මාණය කළ හැකි බවය. ඉන් පසු එය 1978 ව්යගවස්ථා සංශෝධනය මඟින් උසාවියෙන් වියුක්ත කරනු ලබූ විධායක ජනාධිපති ධූරයක් දක්වා පළල් කරනු ලැබීය. එමෙන්ම හදිසි නීතිය, ත්රුස්ත විරෝධී පනත හරහා ශ්රීධ ලාංකික පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ශ්රේ ෂ්ඨාධීකරණයට තිබු බලය හීන කරනු ලැබීය.
නවසීය තිස් ගණන් වලදී ප්ර්සිධියට පත් වූ බ්ර්සීගිර්ඩ්ල් වැනි නඩු වලදී පුද්ගලික අයිතිය ශ්රේයෂ්ඨාධීකරණය විසින් තහවුරු කරනු ලැබූ නමුත් වර්තමානයේදී ශ්රේ ෂ්ඨාධීකරණ මෙන්ම මහාධිකරණයද ඉතා දුර්වල කොට තිබේ.
ආණ්ඩුව අර අදිමින් සිටින්නේ උසාවී වලට හිමි නිදහස සහ බලය තව දුරටත් හකුළුවා දැමීමටය. මෙය සාර්ථක වුවහොත් විධායකයට එරෙහිව සාමානය පුරවැසියෙකුට පෙනී සිටීමට ඇති අයිතිය තව දුරටත් හීන වන අතර එය සම්පූර්ණයෙන්ම අහිමි වීමටද ඉඩ තිබේ.
පොදු ජනතාවගේ පුද්ගලික අයිතීන් කිසිවක් තහවුරු කිරීමට නොහැකි ” අධිකරණ” යැයි කියා ගන්නා දෑ නැතුවා නොවේ. බුරුමය සහ කම්බෝජය කිසිඳු අධිකරණ පරිපාලනමය බලයක් නොමැති රටවල් සඳහා උදාහරණ වේ. අදාළ අධිකරණය විධායකයට අනුව නැටවෙන අතර එහි කාර්ය වන්නේ විධායකය ඉල්ලා සිටින විට තම අනුමැතිය ලබා දීම පමණි.
ශ්රීය ලංකාවේ අධිකරණයට සැලකිය යුතු මට්ටමින් එම දිශාවටම ඇදෙමින් ප්රකපාතයකට ගමන කරමින් සිටියි. මේ වන විට ආණ්ඩුව අර අදිමින් සිටින්නේ අධිකරණයට හිමි බලය සහ ස්වාධීනත්වය තව දුරටත් බිම හෙළීම කෙරෙහිය.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වන මුලික කර්තව්යා පැවරී ඇත්තේ ශ්රේරෂ්ඨාධීකරණය වෙතමය. ශ්රේකෂ්ඨාධීකරණය නියෝජනය කරන විනිසුරුවරුන් විධායකයෙන් එල්ල වන මැදිහත් වීම් වලට විරෝධය දක්වමින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සමත් නොවන්නේ නම් අධිකරණයේ ආරක්ෂාව සඳහා කළ හැකි කිසිවක් නොමැත.
පසුගිය දශක කිහිපය තුළදී මහ අධිකරණ වල වාර්තා සැලකීමේදී ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා කළ ක්රිතයාමාර්ග ගැන සැහීමකට පත් විය නොහැකිය. 1972 සභාග ආණ්ඩුව විසින් ශ්රේමෂ්ඨාධීකරණයට හිමි නීති විමර්ශන කටයුතු වලින් එය වියුක්ත කරන විට ශ්රේ ෂ්ඨාධීකරණය මැදිහත් වී විරෝධය දැක්විය යුතුව තිබුණි. ඊට එරෙහි වීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ක්රයමිකව දුර්වල වූවා පමණක් නොව ඒ හේතුවෙන් විශාල පිරිසකට ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදු විය. ශ්රේවෂ්ඨාධීකරණයට හිමිව තිබු බලය මත සභාග ආණ්ඩුව එවැන්නක් ඉදිරිපත් කරන විට ඊට විරෝධය දැක්වීමේ හැකියාව තිබුණි.
එසේම ශ්රේසෂ්ඨාධීකරණය විසින් තමාට හිමි ස්වාධීනතාව කප්පාදුවට ලක්කරන විට සාධනීය විරෝධයක් දැක් වූයේනම් ඊට විශාල මහජන සහයෝගයක්ද හිමි වීමට ඉඩ තිබුණි. මන්ද අධිකරණයේ ස්වාධීනත්වයට පහර දෙන විට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදු වන්නේ මහජනතාවටම වන බැවිනි. පසුගිය දශක කිහිපය තුළ මෙම ඓතිහාසික සත්යව පැහැදිලි ලෙස ඔප්පු කොට තිබේ. ශ්රේනෂ්ඨාධීකරණය තමන්ගේ බලය සහ ස්වාධීනත්වය වෙනුවන් මෙන්ම පුද්ගලික අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සාධානීය මෙහෙවරක් සිදු කළේනම් පසුගිය දශක තුනකට අධික කාලයක් තුළ මුහුණ දීමට සිදු වූ ඛේදවාචක සිදු නොවනු ඇත.
මේ අවස්ථාව වන විට බරපතල ලෙස චෝදනා ලබා ඇති විනිසුරුවරයෙකුට එරෙහිව වින පරීක්ෂණයක් සිදු කරීමට ගිය අවස්තාවේදී අධිකරණ සේවා කොමිසම අභියෝගයකට මුහුණ දී සිටියි. මින් ගම්යට වන්නේ විධායකයට අවනත වන ඕනෑම දුෂිත හෝ නැහැදිච්ච විනිසුරෙකු කෙරෙහි ඉවසිය යුතු බවද? එය එසේනම විනිසුරන් ගේ බලය ඔවුන්ගේ හැකියාව සහ වෘතියේ ගරුත්වය මත නොව ඔහු/ ඇය විධායකයට දක්වන අනුකූලතාවය මත පරිශාවට ලක් වේ.
ආණ්ඩුව විසින් අධිකරණ සේවා කොමිසමට මෙන්ම පොදුවේ අධිකරණ සේවයට සිදු කරන මැදිහත්වීම ආසියානු මානව හිමිකම් කොමිසම් විසින් දැඩිව හෙළ දකිනු ලබයි. එසේම ආසියානු මානව හිමිකම් කොමිසම අදාළ ලේඛම් වරයා, කොමිසමට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන ප්රටහාර වලට විරෝධයන් දක්වන සියල්ල සමඟ අත්වැල් බැඳ ගන්නා බවත් ඒ සඳහා ශ්රීම ලංකාවේ අධිකරණය පාතාලයට ඇදවැටීම වැලැක්වීම සඳහා ජාත්යැන්තර ප්රවජාවට සාධනීය ලෙස මැදිහත් වීමක් සිදු කරන ලෙසත් මින් දැනුම් දීමට කැමැත්තෙමු.