සුනිල් රණසිංහ
රට පුරා ඇතිව තිබූ සිවිල් යුද තත්වය නිසා එ සමයේ ජාතික ආක්ෂාවට වැදගත් වූ විශේෂිත විවිධ ස්ථාන අසල ප‍්‍රවේශ මාර්ග පොදු ප‍්‍රවාහන කටයුතු සඳහා විවෘත නො වන සේ මාර්ග බාධක ස්ථාපිත කළේ ය. පසු යුද සමයේ කොළඹ නගරයේ පමණක් නොව, උතුරු ප‍්‍රදේශයේ ද, දිවයිනේ බොහෝ ස්ථානවලින් ද, එම මාර්ග බාධක ඉවත් කිරීමට රජය පියවර ගත්තේ පොදු පහසුව සඳහා ය. එහෙත් තවමත් මහනුවර දළදා මාලිය අසළ මහනුවර මහියංගන : (A26)මාර්ගය සාධාරණ හේතුවකින් තොර ව වසා දැමීම ප‍්‍රදේශයේ පාරිසරික පැවැත්මට හා මානව සෞඛ්‍යට තර්ජනයක් වග පර්යේෂකයන්ගේ විද්‍යාත්මක වාර්ථාවල ඉතා පැහැදිළි ව සටහන් ව ඇත. මෙම ආපදා තත්වය පිළිබඳ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා අපදාවට ලක් ව වින්දිතයන් වූ ප‍්‍රදේශයේ ජනයා නොයෙක් වර පාලන අධිකාරියට හා අදාළ ආයතනවලට දන්වා සිටිය ද, එම මාර්ග බාධකය ඉවත් කිරීමට පියවර නො ගැනීම අවබෝධ කර ගත නො හැකි ප‍්‍රහේළිකාවකි.
පසුගිය ජානාධිපතිවරණ සමයේ මහනුවර පුරවැසියාගේ ප‍්‍රධාන ඉල්ලීම වුයේ එකි මාර්ග බාධකය ඉවත් කොට නිදහසේ කිසිදු අවහිරතාවකින් තොර ව පොදු ගමනා ගමනය සඳහා මහනුවර මහියංගන : (A26) මාර්ගය විවෘත කර ගැනීමයි. ඒ සඳහා මැතිවරණ සමයේ රිවර්ඬේල් හොටලයේ පැවති ජන හමුවේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත එම ඉල්ලීම ඉදිරි පත් කළ අතර, ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම ඉටු කරන ප‍්‍රමුඛ කාර්යයන් අතර මහනුවර මහියංගන මාර්ගය : (A26) අසුරා ඇති බාධකය ඉවත් කිරීම ට විශේෂ අවධානයක් යොමු කරන වග එදින ප‍්‍රකාශ කළේ ය. පසුව 2015 මැයි මස 17 දින මහනුවර පුරවැසියන් විසින් සකස් කළ ලේඛනයක් මගින් නැවත එම යෙර්ජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේ ය. (ඇමුණුම් 01) එහෙත් තවමත් මහනුවර ජනයා එම ප‍්‍රකාශය සත්‍යයක් වන දිනය උදා වන තෙක් අපේක්ෂාවෙන් සිටිති.
මාර්ග බාධකයේ අවශ්‍යතාව කුමක් ද?
සිවිල් යුද සමයේ මාර්ග බාධකය පිහිට වූයේ දළදා මාලගාවේ අරක්ෂාව සඳහා ය. එකල එය මහජනයාගේ ප‍්‍රසාදයට හේතුවකි. එහෙත් දැන් යුද්ධය අවසන් වී වසර හයක් ඉකුත් ව ඇත. අරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසිදු සේයාවක් දක්නට නැත. අද එකී තහංචිය ඉදිරියට ගෙන යාම මහජනයාගේ අප‍්‍රසාදයට හේතුවකි. එමෙන් ම ආරක්ෂක පියවර ඉතා දැඩි ව තිබූ සමයේ එනම් 1998 වසරේ එල්, ටී, ටී, ඊ, සටන්කාමීහු දළදා මාලිගාවට ප‍්‍රහාරයක් එල්ල කළහ.2002 හා 2004 වසරවල පැවති සාම සාකච්චා සමයේ ද දළදා මාලිගය දකුණු පස මාර්ගය විවෘත කිරීමට රජය පියවර ගත්තේ ය. එමෙන් ම යමෙක් උක්ත තර්කයේ ම පිහිටා සිටින්නේ නම් දළාදා මාලිගාව ඉදිරිපස ඞී, එස්, සේනානායක වීදිය මෙම තහංචියට ඇතුළත් නො විීම විමතියට හේතුවකි. තවද වරප‍්‍රසාදලත් ඇතැම් පුද්ගලයන්ට කිසිදු තහංචියකින් තොර ව දළදා මාලිගාව සමීපයට (වාහන මගින්) යාමට සියලු ද්වාර මණ්ඩප විවෘත වන වග මහනුවර පුරවැසියාට රහසක් නො වෙයි. එසේනම් මෙම මාර්ග බාධකය කාගේ හිතසුව පිණිස ද?
මාර්ග බාධකය නිසා ඇති වූ සමාජ ගැටළු
මහනුවර මහියංගණ මාර්ගය වසා දැමීම නිසා එම මාර්ගය භාවිත කරන විශාල පිරිසක් දෛනිකව වැව රවුම් මාර්ගය තම අවශ්‍යතා යොදා ගැනීමෙන් නාගරික ප‍්‍රදේශයේ විශාල ලෙස වාහන තදබදයක් ඇති වෙයි. එහෙයින් පාසල් සිසුන්ට, රාජ්‍ය සේවකයන්ට හා අනෙක් සියලු දෙනාට තම අවශ්‍යතා සඳහා නියමිත වේලාවට යොදාගත් වැඩ කටුයුතු වෙනුවෙන් පෙනී සිටිමේ අවස්ථාව මග හැරී යයි. තවද අසාධ්‍ය රෝගීන් පේරාදෙනිය ශික්ෂණ රෝහලට හා මහනුවර ආරෝග්‍යශාලාවට ප‍්‍රවාහනය කිරීම ප‍්‍රමාද වන අතර ඇතැම්විට රෝගීන් මිය ගිය අවස්ථා ද වාර්ථා වෙයි. අසාධ්‍ය රෝගීන් රෝහල් ගත ව සිටින විට හදිසි ප‍්‍රතිකාර සඳහා පැමිණෙන වෛද්‍යවරුන්ට ආරෝග්‍යශාලාවට නියමිත වේලාවට පැමිණිය නො හැකිවීම, මෙම මාර්ගය භාවිත කරමින් මහියංගණය අම්පාර පොතුවිල් වැනි දුරබැහැර ප‍්‍රදේශවලට ගමන් කරන පොදු ජනයාට දිගු කලක් ගෙවීමට සිදුවීම, එම ප‍්‍රදේශ කරා භාණ්ඩ ප‍්‍රවාහනයේ දී ඇතිවන ප‍්‍රමාද වැනි අර්බුදයන් නිතොර අසන්නට ලැබෙන මහජන මැසිවිලි ය. වායු දුෂණයේ වින්දිතයෝ
x පාසල් සිසුන්,
x රජයේ සේවකයන්,
x බැතිමතුන්,
x මහනුවර මහියංගන : (A26) මාර්ගය හරහා පොදු හා පෞද්ගිලික වාහන මගින් ගමන් කරන මගීන්,
x භාණ්ඩ ප‍්‍රවාහනය කරන්නන්,
x රෝගීන් රැගෙන යන ගිලන් රථ,
x මහනුවර මහියංගන : (A26) මාර්ගය අසල ගම්වාසීන්
x අසාධය රෝගීන් හා වෛද්‍ය කාර්ය මණ්ඩල
මාර්ග බාධකය නිසා ඇති වූ පරිසර ගැටළු
දෛනික ව වැව රවුම් මාර්ගය තම අවශ්‍යතා සඳහා යොදා ගන්නා වාහන ප‍්‍රමාණය වැඩිවීමෙන් විශාල ලෙස ෆොසීල ඉන්දන දහනයක් සිදුවන අතර එම කාබනික දුමාරය වායුගෝලයට නිකුත් වෙයි. මහනුවර නගරයේ පිහිටීම අවට කදු වැටි නිසා කාබනික දුමාරය සුළග මගින් ඉවතට ගෙන යාමට දීර්ඝ කාලයක් ගත වෙයි කොළඹ නගරය හෝ වෙරළාසන්න වෙනත් නගරයක් මෙන් අවට සාගරය නිසා කාබනික දුමාරය ඉක්මණනි පහව ගිය ද කදුවැටිවල බලපෑම නිසා එම දුමාරය භූමියේ මට්ටමට පහළට ගමන් කරයි. දීර්ඝ කාලයක් කාබනික දුමාරය හා සියුම් අංශූ නගරය වටා භූමණයවීම හා ඒවා ජල වාෂ්ප සමග එක් ව වළාකුළු නිර්මාණයවීම මගින් විස රසායන වර්ධනයවීම වායු දුෂණයේ ප‍්‍රදාන අනතුරයි. ෆොසීල ඉන්දන දහනය මගින් බල ශක්තිය ජනනය කරන මොටර් රථ වාහන භාවිතය බහුලවීම වායු දුෂක නිර්මාණය වීමට ප‍්‍රදාන හේතුවයි. ලොව පුරා 95% ක් නාගරක ප‍්‍රදේශවල 60% ක් ම කාබන් මොනොක්සයිඞ් දුමාරය නිපදවන්නේ අවිධිමත් ගමනාගමන යයි. විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව සාමාන්‍ය මෝටර් රථයක් ෆොසීල ඉන්දන ගැලුමකින් කාබනික වායු රාත්තල් 19 ක් පමණ නිපදවයි. කෑදර මානව ක‍්‍රියාකාරිතව් ය හා පරිබෝජන මතවාදය නිසා වසරකට කාබනික වායු ටොන් බිලියන 32 ක් වායු ගෝලයට මුදා හරියි. එමගින් සමස්ථ වායු ගෝලය ම අනතුරට ලක් වෙයි. වායු දුෂණය යනු වායු ගෝලයේ අඩංගු විස රසායන බහුලවීම හා ඉන් හටගන්නා රසායනික ප‍්‍රතික‍්‍රියවෙන් පරිසර පද්ධතියට හා ඒ ආශ‍්‍රිත ව ජීවත්වන සියලු ජීවින්ගේ යහ පැවැත්මට සිදුවන අනතුරයි. වායු දුෂණය දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන ලෙස කොටස් දෙකකි.
වායු ගෝලය දුෂණය විය හැකි ක‍්‍රම දෙකකි
ෆොසීල ඉන්දන භාවිත කරන වාහන වලින් නිපදවන කාර්බන් මොනොක්සයිඞ්, නයිට‍්‍රජන් ඔ ඕසයිඞ් හා සල්ෆර් ඩයොක්සයිඞ් වායු ගෝලයට මුදා හැරීම
වායු ගෝලය තුළ එවන් තත්වයක් වර්ධනයවීමෙන් ඇති වන රසායනික ප‍්‍රතික‍්‍රියාව මගින් ජනිත කරන අම්ලකරණය (Acidification)
අම්ලකරණය (Acidification)
වායු දුෂක තුළ රසායනික ප‍්‍රතික‍්‍රියා chemical reaction බහුලවීමෙන් ශාක පද්ධතියට හා ගොඩනැලිලිවලට හානිවන අම්ල acid නිර්මාණය වෙයි. ඇතැම්විට වායු දුෂක තුළ සල්ෆියුරික් අම්ල sulfuric acid හා ජල වාෂ්ප ඝණිකරණයවීමෙන් වළාකුළු ජනිත වෙයි. එමගින් ජල වාෂ්ප මත විස hazard acid අම්ල අඩංගු වෙයි. එමගින් අම්ල වැසි නිර්මාණය වෙයි. යම් හෙයකින් අම්ල වැසි ඇද හැලුන හොත් එමගින් ශාක හා සත්ව ජීවීන් විනාශ විය හැක. විශේෂයෙන් ම ජල මාර්ගවල මත්ෂ්‍යයන්, ජලජ ශාක හා වන ජීවීන් අනතුරට ලක් වේ. මානවයාගේ පැවැත්මට ද එය අනතුරුදායක ය. අම්ල මිශ‍්‍ර ජලය පසට එකතුවීමෙන් පසෙහි රසායන සංයුතිය වෙනස් ව එම පරිසර පද්ධතියේ ශාක හා සත්ව ජීව විශේෂ්යන් විවිධ ආබාධයන්ට හෝ මරණයට පත්වේ. තවද අම්ලික ජලය නුවර වැව හා අවට ජල මාර්ගවලට එකතුවීමෙන් එම විස රසායන ජලජ ශාක හා සත්ව ජීව විශේෂයන්ගේ යහ පැවැත්මට තර්ජනයකි. ඇතැම්විට අම්ල ජලය භූගත ජල මට්ටම දක්වා ගමන් කිරීමේ අනතුර ද තවත් ව්‍යසනයකි.
වර්ෂාවට නයිට‍්‍රජන් හා ඇතැම් දුෂක ප‍්‍රවාහනය කිරීමට ද, ඒවා ජල මාර්ගවල තැන්ලත් කිරීමේ හැකියාව ද ඇත. එමගින් ජල මාර්ගවල ඇල්ගී වර්ධනය වී එහි ප‍්‍රතිඵලයක් ලෙස සත්ව හා ශාක ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් විය හැකි ඉතා අනතුරුදායක බැක්ටීරියා පැතිර යය. රසායනික ප‍්‍රතකි‍්‍රියා හේතුවෙන් වායු දුෂක තුළ විස සහිත ඔෂොන් නිර්මාණය වීමේ අවදානම ඇති වෙයි. එය ඉතා අනතුරුදායක ලෙස පාරිසරික පද්ධතියට හානි පමුණවයි.
වායු දුෂණයෙන් නිර්මාණය කරන සෞඛ්‍ය ගැටළු
වායු දුෂකවලින් මානව සෞඛ්‍යයට හානි පමුණවන ආසන්නම ලක්ෂණ ලෙස ඇස්, නාසය, උගුරේ අපහසුතා හෝ රුදාවවන් ඇති විය හැක. සෙම් ගෙඩි හා ස්වසන පද්ධතියේ ආසාදන ඇති කළ හැක. අකාස්මිකතාව, සෙම්ප‍්‍රතිස්‍යාව,ඉරුවාරදය හා මානසික ආතතීන් වැනි කෙටි කාලීන අපහසුතා ඇති කරයි. දිගු කාලනී ව නිදන්ගත ස්වසන පද්ධතියේ ව්‍යාධ, පෙනහළු පිළිකා, හෘදය බාධ, මොළයට අනතුරට ගොදුරුවීම, ස්නායු ආබාධ, ආමාශය හා වකුගඩු ආබාධ ඇති කරයි. විශේෂයෙන් ම කුඩා දරුවන් වායු දුෂණයේ ප‍්‍රධාන ගොදුරු ය. මක්නිසාදයත් ඔවුන්ගේ ශරීරයේ සියුමැලි ස්වභාවය, ප‍්‍රමාණයෙන් කුඩාවීම, ශරීර වර්ධනයට අවශ්‍ය හෙයින් වායුව වැඩිහිටියන්ට වඩා ආශ්වාස කිරීම හා වැඩි කාලයක් එළිමහනේ ක‍්‍රීඩා කිරීම වැනි හේතු සාදක නිසා දරුවන් අනතුරට ලක්වීමේ ප‍්‍රවනතාව වැඩි ය. ඉතා අනතුරුදායක විස රසායන ලෙස බෙන්ෂීන් හෝ විනෙයිල් කොලෝරයිඞ් වායු ගොලයේ බහලවී ම, නිසා එම විස වායු ආශ්වාස කිරීමෙන් පෙනහළු පිලිකා වර්ධනය වෙයි. එමෙන් ම දරු කළල ගබ්සාවීම, වඳභාවය ඇතැම්විට ක්ෂණික ව ස්වසන පද්ධතියේ හටගන්නා හුසම් ගැනීමේ අපහසුතා මගින් හදිසි මරණය ද ළගා විය හැක.
වායු දුෂණය නිසා ඇති වන සෞඛ්‍ය ව්‍යාධීන්
ආඝාතය හදිසි හෘදයබාධ -stroke
හෘදය රෝග -Ischemic Heart Disease
නිදන්ගත පුප්ඵුශීය අවහිරතාව -COPD
ඇදුම Asthma
ළමුන්ගේ අපර ස්වසන ආසාදනය Acute lower respitory infectious for children
වායු දුෂණයේ ගෝලීය තත්වය
ලෝක සෞඛ්‍ය සංවිධානය World Health Organization (WTO) විසින් 2014 වසර අවසානයේ ලෝකයේ වායු දුෂණය අතින් ඉහළ ම නගරය ලෙස නව දිල්ලි නගරය නම් කළේ ය. වායු ගෝලයේ කියුබික් මීටරයක කොටසක තිබිය යුතු කාබනික ප‍්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයට අනුව මයික්‍රෝ ගෑම් 20 කි. දිල්ලි නගරය තුළ එම ප‍්‍රමාණය 201 දක්වා ඉහළ ගොස් ඇත එම තත්වය පෙනහළු සෞඛ්‍යයට බෙහෙවින් බලපාන වග වෛද්‍ය මතයයි. නගරය තුළ වෙසෙන සෑම දරුවන් තිදෙනෙකුගෙන් ම එක් අයකු ට (1/3)පෙනහළු හා ස්වසන පද්ධතිය ආශ‍්‍රිත අබාධ ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයට අනුව පාරිසරික ගැටළු නිසා ලොව පුරා ඇතිවන මරණවලින් 6.7% වායු දුෂණය මගින් සිදු වෙයි. තවද වාර්ෂික ව දරු කළල මිලියන 7 ක් පමණ විනාශවීමට හේතුව වායු දුෂණ යයි. වසර කීපයක පෙර සෑම වසරක ම වායු දුෂණය නිසා මරණ මිලියන දෙකකට වඩා වැඩි ප‍්‍රමාණයක් සිදු වීය. එම මරණවලට හේතුව පෙනහළු ආශ‍්‍රීත සෞඛ්‍ය ගැටළුන් ය. සෑම මරණ 1රැ8 කින් ම එකක් වායු දුෂණය මගින් සිදු වෙයි. තවද 2012වසරේ පමණක් ලොව පුරා මිලියන 7 ක ආසන්න ජනතාව උක්ත ව්‍යසනයෙන් මරණයට පත් වුහ. එළිමහනේ වායු ආශ්වාස කිරීම නිසා හටගත් අභාධ මගින් ලොව පුරා මිලියන 3.3 ක මානව සමූහයක් ද, ගොඩනැගිලි ඇතුළත වායුව ආශ්වාස කිරීමෙන් තවත් මිලියන 2.6ක් මිය ගියහ. (World Health Organization 27/03/2015).
මහනුවර නගරයේ සෞඛ්‍ය ගැටළු
වායු ගොලය හා අවට පරිසිරය දුෂනය වීම නිසා මහනුවර නගරය හා යාබද ප‍්‍රදේශයේ ජනයා වායු දුෂණය නිසා හට ගන්නා ඉහත සඳහන් සියලු රෝගා බාධවලට ගොදුරු විය හැකි ය. පෙරාදෙනිය විශ්ව විද්‍යාලයේ රසායන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඕ, ඒ, ඉලෙපෙරුම මහතාගේ පර්යේෂණ වාර්තාවට අනුව මහනුවර නගරය නොළඹ නගරයට වඩා තුන් ගුණයකින් දුෂිත ය. එම දුෂිතභාවයට හේතු වී ඇත්තේ පටු භූමි ප‍්‍රදේශයක ඉතා හෙමින් විශාල වාහන සංඛාවක් නිරතුරු ව ධානවනය වීම නිසා, එමගින් විශාල දුම් දහරාවක් වායු ගෝලයට හා අවට පරිසරයට මුදාහැරීම යි. කුන්ඩසාල, දිගන, හරගම, තෙල්දෙනිය හා තැන්නෙකුඹුර යාම සඳහා කි මී 2 ක් ධාවනයට පැයකට අධික කාලයක් ගෙවාදැමීමට සිදු වෙයි. හන්තාන හා හුන්නස්ගිරිය කදුකරය දැඩි ලෙස වායු දුෂණයට ගොදුරු ව ඇත. සියුම් දුෂක අංශූ තුළ සල්ෆර් ඩයොක්සයිඞ් 70% ක් පමණ ප‍්‍රමාණයක් දක්නට ඇත. 2002 වසරේ මාර්ග බාධකය ඉවත් කළ විට මෙම තත්වය 50% දක්වා පහත් වැටී ඇතැයි වාර්ථාවල සටහන් වෙයි. ෆොසීල ඉන්දන භාවිත කරන වාහන මගින් polyaromatic compounds වායු ගෝලයට මුදා හරියි. එය පිළිකා කාරකයකි. එමගින් හෘදය රෝග හා හෘදය ආශ‍්‍රිත රෝග ව්‍යාධීන් ඇති වෙයි.
මහනුවර නගරය තදාසන්න ප‍්‍රදේශයේ පාසල් දරුවන්ගෙන් 40% ක් පමණ ස්වසන ආබාධවලින් හට ගන්නා රෝග ව්‍යාධීන්ගෙන් පෙළෙන වග රෝහල් වාර්ථාවල සටහන් වෙයි. එමෙන් ම දිනෙන් දින ස්වසන පද්ධතියේ ආබාධ,පෙනහළු ආබාධ, මොළය ආශ‍්‍රිත ආබාධ, ස්නායු ආබාධ සඳහා ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙයි. මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳ 2015 නොවැම්බර් මස 07 දින මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවති ජන හමුවේ දී අදහස් දැක්වූ හෘදය රෝග විශේෂඥ වෛද්‍ය අනෝමා සිරිබද්දන මහත්මිය විසින් අනාවරණය කලා ය. වර්ෂා ජලය මගින් වායු ගෝලයේ රසායනික ප‍්‍රතික‍්‍රියා මගින් ජනනය කළ අම්ල ජල මාර්ග, වන ගහනය හා වන ජීවීන්ට සිදු කර ඇති අනතුර තවමත් විධිමත් පර්යේෂණයකට යොමු ව නැත.
නිගමනය
පසුගිය වසර අවසානයේ වායු දුෂණය විසින් ඇති කළ ආපදා තත්වය නිසා ඉන්දියාවේ නව දිල්ලි නගරය පමණක් නොව චීනයේ බීජින් පුරවරය හා තවත් ජනාකීරණ නගර 30 ක සියලු වැඩ කටයුතු අඩාල වූ අතර, අනතුරු අගවීමක් ද නිකුත් කිරීමට එම රාජ්‍යයන් පියවර ගත්තේ ය. බීජින් නගරය ඇතුලු නගර 20 ක් ඉතා අනතුරුදායක බව චීන රජය නිවේදනය කළේ ය. ඉනිදියාවේ නගර 46 ක් මිලියන ගණනක් ඉක්ම වු ජනගහනයක් දක්නට ලැබෙන අතර, එම නගර පාරිසරික වශයෙන් ඉතා
දුෂිත ය. රාජ්පූර්, චතිස්ගාර්, ඝාෂියාබාද්, හා අලහබාද් හා දිල්ලි නගරය මෙන් ම දුෂිත පුරවරයෝ ය.
කොළඹ නගරයේ දිනෙන් දින ඉහළ යන වාහන තදබදය විසින් පුළුස්සා දමන ෆොසීල ඉන්දන නිසා වායු ගෝලය දුෂණය වෙමින් පවතියි. එහෙත් අපගේ නිගමනයට අනුව කොළඹ නගරයට සාපේක්ෂ ව මහනුවර නගරය ද පාරිසරික දුෂණය අතින් ප‍්‍රමුඛස්තානයට පැමිණ ඇත. එයට ප‍්‍රධාන හේතුව මහනුවර මහියංගන මාර්ගය අසුරා බාධක දැමීම මගින් අධික වාහන තදබදයත්, එමගින් දහනය වන අධික ෆොසීල ඉන්දන නිසා නගරය වටා රාශිභූත වන කාබනික ප‍්‍රමාණයේ වර්ධනයත් සටහන් කළ හැක. මෙම ආපදා තත්වයෙන් මහනුවර පුරවරය හා එහි පුර වැසියා ද, එම නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනයා ද, පාරිසරික පද්ධති, වනජීවින් රැුක ගැනීමට ඉතා පහසු හා යෝග්‍ය යෝජනාව නම් මාර්ග බාධකය ඉවත් කිරීමයි. ඒම කාර්ය සඳහා නිසි පිළිතුරු සැපයීමට කල් ගත කළ හොත්, මහනුවර නගරය ඉතා නුදුරු අනාගතයේ ම ඉන්දියාව නව දිල්ලි නගරය හා චීනයේ බීජින් නගරය මෙන් දිවයිනේ ප‍්‍රමුඛත ම පරිසර දුෂිත පුරවරය වීමට ඉඩ ඇත. මෙම ව්‍යසනය මගින් ජනිත කළ සෞඛ්‍ය ගැටළු හා රෝගා බාධ නිවාරණය සඳහා රජය විසින් වැය කරන විශාල මුදල් ප‍්‍රමාණය ද ඉතිරි කර ගැනීමට මාර්ග බාධකය ඉවත් කිරීම හේතුවක් වනු ඇත.
එහෙත් තවමත් මෙම ආපදාව රජය හෝ මාර්ග බාධකය ඉවත් කිරීමට ඉඩ නො දෙන පුද්ගලයන් තේරුම් ගෙන නොමැත. හැමකෙක් ම ජනතා සුභ සිද්ධිය යහ පැවැත්ම ගැන පුරසාරම් දොඩති. තමන් ඒ වෙනුවෙන් කැපවන බවට මුසා බස් දොඩති. ආගමික ආයතන පැවතෙන්නේ ජන පරිත්‍යාගයෙනි. එහෙත් ආගමික ආරාම තුළ වෙසෙන බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ තමන් නිසා ජනයා පැවතෙන වගය.ි මානවයාගේ ද අනෙක් සියලු ශාක හා සත්ව ජිීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආශ්වාස ප‍්‍රස්වාස කරන වායුව කිසිදු ආගමකට හෝ රාජ්‍යයකට අයත් නැත. ජනයා පීඩාවට පත් කොට බලහත්කාරයෙන් බැතිමත්භාවයට හෝ අනුගාමිකත්වයට පොළඹවා ගැනීම වැඩවසම් මුග්ධභාවය යයි. ඇතැමිවිට රාජ්‍යය සත්‍යය දැන දැන ම තම පැවැත්ම සඳහා සැබෑ ජන වුවමනාවන් හා අභිලාෂයන්ගෙන් නො සලකා හරියි. මක්නිසාදයත් රාජ්‍යයේ සුජාතභාවයට හා සියලු නොපනත්කම්වලට සැමවිට ම කමටහන් සපයන්නේ මුග්ධ ආගමික ආරාම යයි. අද අප ජීවත්වන්නේ ක‍්‍රි. පූ. පස්වන සියවසේ නොව, ක‍්‍රි. ව. 21 වන සියවසේ ය. එහෙයින් එක් පද්ගලයකුගේ හෝ පරපෝෂිත ආයතනයක මුග්ධභාවය නිසා විවිධතව් ය තුළ වැඞී ගිය මානව ප‍්‍රජාව මෙන් ම කිසිදු ආගමික සංස්ථාවක වහලුන් නොවූ ශාක හා සත්ව ජීවීන්ගේ ද, ඔවුන්ගේ සුහඹු ලන්ගේ ද, සොබාදහමේ යහ පැවැත්ම ව්‍යසනයකට ඇද දැමීමට ඉඩ දෙමින් නිහඩවීම විචාරශීළී මානවයාගේ මෙහෙවර නො වෙයි.